Gossip Lanka News

Underground News from Sri lanka.

Follow Us

Fans

ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන භාගයේ දී ඉන්දීය යුධ හමුදාව යුද පිටියේ සිටි බවට පළ වන තොරතුරු අසත්‍ය බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

‘කිසිම විදේශීය හමුදාවක් අපේ හමුදාත් එක්ක එකතු වෙලා සටන් බිමේ සටන් කෙරේ නැහැ’ හිටපු හමුදාපතිවරයා පැවසීය.

අවසාන යුද්ධයට ඉන්දියානු හමුදාව සෘජුවම සම්බන්ධ වී සිටි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේ ය.

ලෝකයේ බොහෝ රටවලින් තමන්ට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබුණු බව පැවසූ හිටපු හමුදාපතිවරයා, ඇතැම් රටවල් එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අනුමත කළ බව ද කියා සිටියේය.

අවසාන යුද පිටියේ සිටි හමුදාවට ඉන්දීය හමුදා නිලධාරියෙකු අණ දෙමින් ක්‍රියා කර ඇති බවට පළ වූ තොරතුර ‘අමූලික බොරුවක්’ ලෙස ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ යුද්ධයට ඉන්දියාවෙන් බාධාවක් නො තිබූ බවද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව වෙනත් රටකට හමුදා යැවීම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව දිල්ලි දෙමළ නීතිඥ සංගමයේ ලේකම් රාම් ශංකර් තමන්ගේ පෙත්සමේ පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ යුද පිටියේ ඉන්දීය හමුදා සිටි බවට සාක්ෂි ලැබී ඇති බැවින්, ඒ පිළිබඳ ව විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සභාවක් පත් කළ යුතු බවත් නීතිඥ රාම් ශංකර් පෙත්සමෙන් ඉල්ලා සිටී.
(බිබිසි)
Read More »

පසුගිය අපේ‍්‍රල් මස 10වනදා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමාද කැටුව ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින්හි ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති පුස්තකාලයේ පැවති දේශනයකට සහභාගී වී තිබේ.
සිවිල් අයිතීන් සුරැකීමේ පණත සමරනු වස් සංවිධානය කර තිබූ එම උත්සවයට යෑම සඳහා ගුවන් යානයෙන් බසින විටත් පෙරළා ආපසු යෑම සඳහා නැවත ගුවන් යානයට නගින විටත් ජනපති ආර්යාව ඇබැද්දියකට මුහුණ දුන් බව සිදුවීම ආවරණය තිරීමට ගිය මාධ්‍යවේදීන් විසින් වාර්තා කර ඇත.
 එදින ඔස්ටින් ප‍්‍රදේශයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර මිෂෙල් ඔබාමා ඇඳ සිටි නිල් සහ කළු ඉරි සහිත කොට සාය සුළග මගින් එසවීමට ගොස් තිබේ. වාර්තාකරුවන් පවසන්නේ මැරිලින් මොන්රෝ දසුනක් ජනපති ආර්යාවක් වෙතින් දැකගන්නට තිබූ අවස්ථාව ඔබාමාගේ ක‍්‍රියාකලාපය නිසා වැළකුණු බවයි.
තම බිරිඳ අමාරුවේ වැටී සිටිනු දුටු ජනාධිපතිවරයා මිෂෙල් ආසන්නයෙන්ම ගමන් කරමින් සාය ඉහළට එසවීම බේරාගෙන තිබේ.
මාධ්‍යවේදීන් පවසන්නේ එම හදිසි සිදුවීමේදී ඔබාමා ඉතා විචක්ෂණ ලෙෂ කටයුතු කරමින් ආර්යාවගේ ගෞරවය බේරාගත් බවයි.

Read More »

ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදාව විසින් ලිංගික අපචාරයන් යුධ අවියක් ලෙස භාවිතා කර ඇතැයි විචාරකයන් පවසති.
මේ අතර 14 වියැති ඉරාක දැරියක් දුෂණය කළ හමුදා ඛණ්ඩයක් විසින් ඇය ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කර තිබේ. මෙම සිදුවීමට සම්බන්ධ ඝාතකයෙකු වන ස්ටීවන් ග‍්‍රීන් නැමැති සෙබළා 2009දී වැරදිකරු බවට තීන්දු කරනු ලැබූවද මෙතෙක් ඔහුට දඬුවම් ලබාදී නොමැත.
හමුදා නිලධාරීන් විසින් මෙවැනි සිදුවීම් වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම වැළැක්වීමට දැඩි පරිශ‍්‍රමයක් දැරූ බව පැවසේ. මේ අතර සීබීඑස් පුවත් සේවය විසින් අනාවරණය කරන ලද ඡයාරූප පෙළක ඉරාකයේ අබු ග‍්‍රයිබ් සිරකඳවුරේදී සිදුකළ ලිංගික අපචාර ගණනාවක දසුන් දැක්වේ.
විචාරකයන් පවසන්නේ එමගින් ඇමරිකානු රජය පැන්ඩෝරාගේ පෙට්ටගමේ සිරකර සිටි රහස් ගණනාවක් මතුපිටට පැමිණි බවයි.
අබු ග‍්‍රයිබ් සිරකඳවුරේ අණදෙන නිලධාරී ලෙස සේවය කළ බි‍්‍රගේඩියර් ජෙනරාල් ජානිස් කාර්පින්ස්කිගේ වැඩ තහනම් කරන ලද නමුත් අදාල සිදුවීම් පිළිබඳව සී.අයි.එ් සංවිධානය, හමුදා බුද්ධි අංශ ඇතුළු බොහෝ දෙනෙක් වගකිව යුතු බව ඇය පවසා තිබේ.
ලිංගික අපචාරයන් සිදුවීමට පෙර ඇමරිකානු රජයේ විශේෂ කණ්ඩායමක් පැමිණ තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කළ යුතු හිංසන ක‍්‍රම පිළිබඳ වැඩමුළුවක් සිදුකළ බවද ඇය හෙළිකර ඇත.
Rape of Iraqi Women by US Forces as Weapon of War:


Read More »

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය.
2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි.
මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම සඳහා ඩොලර් 5,50,000 ක මුදලක් හිමිවේ. මීට අමතරව, අවසන් පූර්ව තරගයට පැමිණ පරාජය වූ කණ්ඩායම් දෙක සඳහා ඩොලර් 275,000 ක් බැගින් හිමිවන බව සඳහන්ය.
 මීට අමතරව, අවසන් වටයට පැමිණි කණ්ඩායම් දහය අතර පැවති තරග වලදී ලබාගත් සෑම ජයග්‍රහණයක් සඳහාම ඩොලර් 40,000 ක මුදලක් කණ්ඩායමකට හිමිවේ. මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුම වශයෙන් ඩොලර් ලක්ෂ 11 ක ශූරතා ත්‍යාග මුදල සමග අවසාන වටයේ තරග ජයග්‍රහණ වෙනුවෙන් හිමිවන ඩොලර් 40,000 ක ත්‍යාග මුදල් කිහිපයක් හිමිවනු ඇත.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ ලංකාව ශූරයින් වුවහොත් කණ්ඩායම සඳහා ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදීමට තීන්දු කර තිබෙන බවයි.
මෙම මුදල් මෙම තරගාවලියෙන් ලැබෙන මුදල් වලින් මෙන්ම ක්‍රිකට් ආයතනයේ තැන්පතු මුදල් වලින් ගෙවනු ඇතැයි අපි මීට පෙර සඳහන් කළේය.
Read More »

රාවණ යුගයට සම්බන්ධ ජනප්‍රවාදයකට අනුව හනුමන්තා රාමාට තුවාලයක් වූ කලි ප්‍රතිකාර ලබාදීමට හිමාල වන අඩවියෙන් ඔසවාගෙන ආ බෙහෙත් කන්දෙන් කොටසක් අත්ලෙන් උනා වැටුණු බවත්, එම ගම් පෙදෙස දකුණු ලක උණවටුන ලෙස අද හඳුනාගෙන ඇති බවත්, අත්ලේ ඉතිරි කොටස ගෙන හනුමන්තා පැමිණියේ දොළුකන්ද නම් මේ ස්ථානයට බවත් කියැවේ. දොළුකන්දේ ඇති බෙහෙත් වන ඔසුවලින් හා රූමස්සල කන්දේ බෙහෙත් ඔසුවලින් මේ බව ඔප්පු කරන්නට ජනශ්‍රැති පර්යේෂකයෝ වෙර දරති.
කෙසේ වෙතත් අපේ අරමුණ දොළුකන්ද ඉතිහාසය විමසීම නොව එහි ආශිර්වාද පූජාව හා මහා අනුහස හදිසියේ වියැකී ඇත්තේ කුමක් නිසාදැයි සොයා බැලීමය. දොළුකන්ද පසු කලෙක බොරුකන්දකින් වැසී ගිය බවත් ඒ හිමියන් චන්ද්‍රිකා වැව පවා පිරිත් කළ බවත්, රන් කොතකට රත්තරන් එකතු කළ බවත් එදා රට පුරා ගලා ගිය ප්‍රවෘත්තිය.
මේ පර්යේෂණයේදී අපට හැඟී ගියේ එය එසේ නොව ඊටත් වඩා ගැඹුරු ඇතුළාන්තයක් මේ තුළ සනිටුහන් වූ බවයි. ගැමියන් විද්වතුන් මතු නොව නොයෙක් පාර්ශ්වයන් විමසමින් සත්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක විය.
අපවත් වී යැයි සමහරුන් කී ඒ හිමියන් විවේකීව භාවනානුයෝගීව වැඩවසන මහ වනයකට පවා අපි ගියෙමු. වසර 15 කට පමණ පසු හිමියන් මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට යොමු කරවා ගැන්ම ද අපට අසීරු කරුණක්ම විය. අලි කොටි වග වලසුන් ගහණ වනන්තරයේ දී වන සිවුපාවුන් වැනි මිනිසුන්ගේ කතාව උන්වහන්සේ අවසානයේ අපට හෙළි කළහ.
දොළුකන්ද ප්‍රධාන දායක සමිතියේ ලේකම්වරයා වශයෙන් වැඩ කළ එච්. එස්. විමලසිරි (66) ඒ තනතුරට පත්වූයේ 1985 දීය. ඔහු මෙසේ කියයි.
හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආවා. උන් වහන්සේ ආශිර්වාද කරන පිරිත් පැන් දුන්නාම තමන්ගේ ලෙඩ රෝග විතරක් නොවේ ජීවිතයෙනුත් ඔවුන් වෙනස් ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසුන් බවට පත්වුණා. විශාල පිරිසක් මේ ආශිර්වාද පිරිත් පැන්වලින් ප්‍රයෝජන ගත්තා.
මුලින්ම හාමුදුරුවන්ට මේ දොළුකන්දෙ තිබිලා රන් කොතක් හමුවුණා. මාත් ඒක දැක්කා. කිසිම දෙයක් ගැන තෘෂ්ණාවක් නැති උන්වහන්සේ ඒක පුරාවිද්‍යාවට බාර දුන්නේ අපට පෙන්වලා. ගමේ මිනිසුන්ට මේ ආරංචිය ගියාම ඒ අයගෙන් සමහරෙක් හිතුවා පූජා භූමිය දියුණු කරන්නෙ රන් කොත විකුණලා කියලා.
ඒ නිසා හාමුදුරුවො දොළුකන්දෙදි ඒ රන් කොත ප්‍රදර්ශනය කරන්නට නැවත පුරා විද්‍යාවෙන් ඉල්ලීමක් කළා. ඒ වතාවෙ නියම රන් කොත ගෙනාවා. හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට එන බැතිමතුන් ලබා දෙන දේවලින් තමා ස්ථානය දියුණු කළේ. හාමුදුරුවන්ගේ ඡායාරූපය විකුණලත් මිනිස්සු සල්ලිකාරයො වෙන්ඩ පටන් ගත්තා.
ඒ හිමියන්ගේ බලය විශාලයි. මගේ හරකෙකුට බෙල්ලෙ පණු ගෙඩියක් ආවා, “බුදු ගුණ අනන්තයි” කියලා කරන සත්‍ය ග්‍රහ බලයෙන් පිරිත් කළ පැන් ටිකකින් ගෙඩිය නෑව්වා විතරයි. දවස් දෙකක් ගියේ නෑ ගෙඩිය අතුරුදන්. අප නම් ඒ බලය විශ්වාස කළා. මේ රටේ දෙනෝ දාහක් එහෙමයි. හාමුදුරුවො පළාත දාලා වැඩියෙ නොයෙක් අය වැරැදි දේවල් කරමින් දොළුකන්ද විනාශ කරමින් හිටි නිසයි.
අයියනායක, වීරමුණ්ඩ, ගම්භාර දෙවියන්ගේ අඩවිය මේක. වැරැදි වැඩවලින් ආශිර්වාදය අපට නැති වුණා. කියන්ඩ දෙයක් අමතක වුණා. දෙවැනි වතාවටත් හාමුදුරුවො පුරා විද්‍යාවට කීවා ලැබුණු රන් කොත ප්‍රදර්ශනය කරමු කියලා. ඒ වතාවෙ නම් ගෙනාවෙ නියම රන් කොත නොවේ. ඒ වගේ රන් නොවන වෙනත් කොතක්. කාට ද කියන්නෙ? හාමුදුරුවො ඒ ගැන ඊට පස්සෙ කතා කළෙත් නෑ.
ආර්. එච්. සී. රත්නායක මහමූකලන්යාය පාසලේ ගුරුවරයෙකි. ඔහු ලේක්හවුස් ඉබ්බාගමුව විශේෂ වාර්තාකරුවා ද වෙයි.
දොළුකන්දෙ ආශිර්වාද පුජාව කියලා පටන් ගත්ත ඒ දේ ගැන මිනිස්සු අතර මත කීපයක් තියෙනවා. මුලින් මුලින් හාමුදුරුවො මේ ගමට පිණ්ඩපාත වැඩලා ඉතාම සුපේශල ශික්ෂාකාමී හිමිනමක් ලෙස කටයුතු කරගෙන ඔය දොළුකන්දෙ හිටියා.
පස්සෙ දේශපාලකයො, ව්‍යාපාරිකයො හා පළාතේ තවත් ප්‍රභුන් මේ ආශිර්වාද පූජාව වට කරගෙන තමන්ගේ ප්‍රියසාද උත්සවවලට පවා ආශිර්වාද පූජාව ගෙනාවා. පළාතේ සමහර මිනිස්සු මේක වැරැදි තැනකට පත් කළා. ඔය දොළුකන්දෙ තිබෙන වටිනා මල් වර්ග, බෙහෙත් පැළෑටි, පුංචි පුංචි කෝප්පවල හිටවාගෙන වෙළෙඳාම් කරන්ඩ ගත්තා.
රටේ විවිධ ප්‍රදේශවලින් දොළුකන්දට ආපු මහ ජන සන්නිපාතයට අවශ්‍ය කැසිකිළි වැසිකිළි පහසුකම්වත් තිබුණෙ නෑ. ඒ නිසා ගමේ ගෙවල්වලට කරදර වුණා. අන්තිමට වැසිකිළි වටා කම්බි වැටවල් පටලවන්න තරම් ගමේ මිනිසුන්ට සිදුවුණා. ගස් මුල් හා කුඹුරු වැනසුණා. සමහරු සල්ලි අරන් ඒ වැඩ කරන්ඩ වැසිකිළි දුන්නා.
ඒත් ලක්ෂ ගණන් ජනතාව යන්නෙ කොහොම ද? ගියාම පළාතම ගඳ ගහන්ඩ ගත්තා. පරිසරය විනාශ වුණා. කුඩා හැඩයා මහ හැඩයා ඉරරාජ, සඳරාජ මේ වගේ වටිනා ගස් වඳ වෙන්ඩ ගත්තා. ඒ විතරක් නොවේ දොළුකන්දෙ තිබෙන විවිධ කහට ගෙඩි වර්ග අත්තික්කා වගේ දේවල් විකුණලත් ජීවත්වෙන පිරිසක් ඇති වුණා.
ඒ අය එන බැතිමතුනට “සීනිවලට හොඳයි”, “රුධිර පීඩනයට හොඳයි” කිය කියා මේවා වික්කෙ. ‘දන්නෝ දනිති’ කියලා බත් පැකට් විකුණන්නත් කට්ටියක් හිටියා. ඒ බත් පැකට් එකේ ගමේ මත් වතුර පැකට් එකක්, එක්ක බත් මාළු තියෙනවා. මත් වතුර හොයන මිනිස්සු ඒ පැකට් පොර කකා ගත්තා.
මේ වගේ විශාල මගඩි මෙහි සිදුවුණා. හාමුදුරුවන් ආශිර්වාද පූජාව කළා මිසක් මේවා වළක්වන්න ඒ දායක සමිතියවත් පියවර ගත්තේ නෑ. දායක සමිති කළෙත් සල්ලි හම්බ කිරීම. හාමුදුරුවන්ගේ ඡායාරූප පවා විකුණුවා. ආපු බස් කන්දරාව නවත්වන්න ඉඩම් දීපු අය අද විශාල සල්ලිකාරයො. ඒ අයටත් බස් තියෙනවා. සමහර දායක කාරකාදීන් අද වී මෝල් පවා දාගෙන.
ඒ හිමියන්ට හා දොළුකන්දෙ අනෙකුත් යෝගාවචරයන්ගේ පැන් පහසුව සඳහා කුඩා වැවක් තැනවීම උන්වහන්සේට මහත් ප්‍රශ්න පැමිණි අවස්ථාවකි. ඒ හරහා බොහෝ තොරතුරු මට ලැබිණ.
පුරා විද්‍යාවට අයිති භූමියේ නිධන් හාරන්ඩ හාමුදුරුවො යනවා. මේක පැන් පහසුව සඳහා ම නොවේ. සමහරු එදා කීහ. (ඒත් අපේ සමීක්ෂණ අනුව ඇත්තටම ස්වාමින් වහන්සේ හාරපු නිධානයක් නැත. දොළුකන්දේ හිමිවරුනට පැන් පහසුවට හරිහැටි තැනක් අදත් නැත. තිබෙන්නේ ඒ වැව පමණි.) පුරා විද්‍යාව මේ වැඩ සම්බන්ධයෙන් නීති මඟට ගියේය. අධිකරණ විනිසුරුවරයා සියල්ල විභාග කොට කීවේ අපූරු කතාවකි. “හොඳ වැඩක් කරන්ඩ මේ රටේ ඉඩක් නෑ” යන්නය.

දොළුකන්දේ හිමියන්ගේ මව මුතු මැණිකේ
මේ ස්වාමින් වහන්සේ මුදල් අකැප බැවින් මුදල් කිසිත් පරිහරණය කළේ නැත. ලැබෙන සියලුම මුදල්වලින් නැතිබැරි අයට නිවාස, සෞඛ්‍ය පහසුකම් හා වෙනත් දේ ඉටුකළ බව ඇතැම් ගැමියෝ කියති.
මකුල්වැව දෙමටාවවත්ත ඉඩමේ දොළුකන්දේ හිමියන් තැනු ගෙවල් 30 බැලීමට ද අපි ගියෙමු.
කාමර දෙකක් සාලයක්. කුස්සියක්, පුංචි ඉස්තෝප්පුවක් සහිත ගෙවල් 30 ක් හාමුදුරුවන්ගේ සම්පූර්ණ වියදමෙන් ඉදිකරවා ප්‍රදේශයේ නැති බැරි අහිංසක පිරිසකට ලබාදීමට කටයුතු කැර තිබිණ. එහෙත් එහිදී ද හාමුදුරුවන්ගේ අරමුණට 2002 කාලයේ තිබුණු එජාප ආණ්ඩුවේ මකුල්වැව ප්‍රදේශය පාලනය කළ කිසියම් අධිපතියෙක් හරස් විය. ඔහු තමාගේ ගෝලබාලයන් මේ ගෙවල් 30 න් 28 කම පදිංචි කළේය. බේරුණු ගෙවල් දෙකින් එකක පදිංචි සරත් හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයෙකි. ඔහුගේ බිරිය ඉන්ද්‍රානි හේමලතා අපට කරුණු කීවාය.
හාමුදුරුවන් අපට මේ සෙවණ ලබා දුන්නෙ. ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ දොළුකන්ද රක්ෂිතයේ ඔය විහාරය ඉඩමට යාව තැනෙක. අපේ අහිංසකකම බලලා අපට උන්වහන්සේ උදව් කළා. මේ ගෙවල් 30 ටම වතුර දෙන්ඩ හාමුදුරුවො හදාපු ජල ටැංකිය තවමත් එහෙමමයි.
ඒ කටයුතු කරගන්ඩ හාමුදුරුවන්ට ඉඩ ලැබුණේ නෑ. උන්වහන්සේට ඇතැමුන් නින්දා කළා. හයිරන් කමින් මේ අනෙත් ගෙවල් ලබාගත්තට කාටත් තවම ඔප්පු තිරප්පුත් නෑ. උන්වහන්සේ දොළුකන්ද දාලා ගියා.
දොළුකන්දේ විහාරයේ දැන් විහාරාධිපතිව වැඩ ඉන්නේ නන්දවිමල හිමියන්ගේ ගෝලනමක් වන වේදෙණියේ නන්දසීල හාමුදුරුවෝය. මේ සමීක්ෂණය කළ මොහොතේ උන්වහන්සේ පිට පළාතක වැඩ සිටි හෙයින් අපි දැනට එහි වැඩ සිටින දොළුකන්දේ සංඝානන්ද හිමියන් බැහැදකිමු.
දොළුකන්ද මහා හාස්කම් ඇති තැනක්. ගමේ කිරිඅත්තලා පවසා ඇති අන්දමට සිරිලක පැරැණිම බුලත් වැල තිබෙන්නෙත් මේකේ. මේකෙ කුටි 101 ක් තිබෙනවා. අපේ ලොකු හාමුදුරුවො මේවා රැක බලාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආශිර්වාද පූජාවෙන් සුවපත් කළා.
උන්වහන්සේට කෙතරම් ශ්‍රද්ධාසම්පන්න පිරිස් හිටියත් ඇතැම් දේශපාලකයන් හරහට හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕනෑම දෙයක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා. ඒ හිමියන්ගේ ආශිර්වාද පූජාවටත් වුණේ මේ ටිකමයි.
උන්වහන්සේ කපාපු මේ කුඩා වැව නැත්නම් මටත් මේ වැඩවසන සාමණේරයන්ටත් අද පැන් පහසුවවත් නෑ. තවමත් අපට දානෙ වරදින්නෙ නෑ. සතාසර්පයා කෙතරම් මේ රක්ෂිතයේ හිටියත් අපට කරදරයක් නෑ. මිනිසාගෙන් තමයි ප්‍රවේශම් විය යුත්තේ.
ටී. එම්. මානවසිංහ හේරත් ගමේ වැඩිහිටියෙකි. ඔහු කී යමක් අපේ සිත සලිත කරයි.
මේ හාමුදුරුවෝ පිණ්ඩපාතෙ වැඩලා ශාසනකාමීව වැඩ හිටියා. ඒත් උන්වහන්සේ පසු කාලයක වෙනස් වුණා. (ඒ වෙනස ගැන මම දිගින් දිගටම ප්‍රශ්න කළෙමි.) වෙනස කියන්නෙ මුලින් හිටි අය අමතක වුණා. ව්‍යාපාරිකයො, දේශපාලකයො, සමීප කරගත්තා. එතැනින් තමයි විනාශය ළං කරගත්තෙ. හාමුදුරුවන්ට පැමිණි ජනකාය නිසා අනෙත් කටයුතු සොයා බලන්ඩ වෙලාව නැති වෙන්නත් ඇති.
ජනතාව ඇදී එන විට තම හරකාබාන, ගෙවල් දොරවල් පසෙක තබා හාමුදුරුවන්ගේ සේවාවට උදව් කරන දායක කාරකාදීන්ට වැටුප් පවා ගෙවීමට දායක සභාව වරක් තීරණය කැර තිබිණ. එහෙත් එසේ වැටුප් නොලැබ වැඩ කළ පිරිත් නූල් ඔතන්නකු වූ එච්. එම්. තෙන්නකෝන් මහතා අපේ අවධානය තවත් පසෙකට යොමු කළේය.
එදා ජනතාවට පිරිත් නූල් බඳින්ඩ මොන තරම් නූල් ඔතන්න ද? මහත්තයා. මාත් පන්සලෙන් දෙන දෙයක් කාලා නූල් එතුව එකමයි වැඩේ. හැබැයි! සල්ලි ගත්තෙ නෑ. පස්සෙ පස්සෙ හාමුදුරුවන්ගෙ මේ දියුණුව ඉවසන්න බැරි පිරිසක් පහළ වුණා.
ඔහුගේ බිරිය බණ්ඩාර මැණිකේ හඬ අවදි කළාය.
මහත්තයො, හාමුදුරුවො බලසම්පන්නයි. ඒ පිරිත් පැන් දිව්‍ය වතුරක්. අපේ ගොයම් වගාවට කීඩැවන්ගෙන්, ගොයම් මැස්සන්ගෙන් හානි වන කොට ඒවා වළක්වන්න හාමුදුරුවො පිරිත් පැන් ආශිර්වාද කරලා දුන්නා. පිළිගන්න! අපට කෘමිනාශක ගහන්ඩ සල්ලි නෑ. අපි කන්න කීපයක් සාර අස්වැන්න ගත්තෙ හාමුදුරුවන්ගෙ පිරිත් පැන් වතුරින්. හාමුදුරුවො ඒ පූජා කරනකොට මේ ගමේ කඩවල එක බිත්තරයක් විකිණෙන්නෙ නෑ. මස් මාළු ගැන කවර කතා ද? මේවාට පිරිසක් පෙළ ගැහුණා මහත්තයො.
සමහර දේශපාලකයන් හාමුදුරුවන්ගේ කුටියට ගැහැනු ඇඳුම් පවා ගෙන ගොස් දමන ලදැයි නම් හෙළි නොකළ කිසිවෙක් කියති.
“පතිරූප දේශ වාසොච” යන නියමයට අනුව උන්වහන්සේ දොළුකන්ද අත හැර වැඩියේය. උන්වහන්සේ අපවත් වී යැයි කියුවත් අපට සෑහෙන්නට බැරිය. අපි විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ ගවේෂණයේ යෙදෙමින් උන්වහන්සේ හමුවීමු.
“විළඳකට්ටිය” පුරා විද්‍යා ස්ථානය පිහිටියේ කරුවලගස්වැව පසුකැර ගොස් 13 කණුවෙන් හැරි අනුරාධපුර පාරේ සැතපුම් 16 ක් පමණ ගිය තැනය. එතැනින් මහ කැළයේ පටු දුෂ්කර පාරකින් අපි ඒ අරණට ඇතුළු වීමු.
උන්වහන්සේ වන අලි මැද පිහිටි මේ අරණේ තවත් වයෝවෘධ තපෝවෘධ හිමිනම කීප දෙනෙකු හා වෙසෙයි. දානය පවා වළකින වේලාවන් ඇත. එතැනින් කරුවලගස්වැවට ඒමට උන්වහන්සේට අද ප්‍රාඩෝ නැත. තම මෑණියන් කැඳවා එහි වෙනම කුටියක රඳවා ගත් අප හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරනු මම සියැසින් දුටිමි. කුඩා වැවකට ඉහළින් බැඳි දිරා ගිය දඬුවැටකින් එගොඩ වී උන්වහන්සේ කුටියට පිවිසෙනු මම දකිමි.
ඔබ වහන්සේ අද මේ විදියට වන වැදිලා ඉන්නෙ ඇයි?
අරණ්‍යගත භික්ෂුවක් ලෙස සිටීමයි වැදගත් කියා මා සිතුවා. වනවාසී භික්ෂුවකට බණ භාවනා නිහඬව වැඩිය හැකියි. ඒකට සුදුසු තැනකට මා පැමිණියා.
ඔබ වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ආශිර්වාද කළ හිමිනමක්. හිටි ගමන් ඒක නැවතුණේ...
ලොව්තුරා බුදුන් දෙසු පංචශීල ප්‍රතිපත්තිය මිනිසුනට පුහුණු කැරවීම හා ඔවුනට අනන්ත අප්‍රමාණ බුදු ගුණේ ශාන්තිය ලබාදීමයි මා කළේ. දුප්පත් අහිංසක මිනිසුනට තම කුඹුරට හේනට වන වගාවට වන හානිය පිරිතෙන් වළකන්න පුළුවන්. ඒ කටයුත්තයි මා මුලදි පටන් ගත්තේ. පසුකාලීනව ඔවුන්ගේ ලෙඩ දුක පවා මේ පිරිත් පැනින් සුවපත් වුණා.
ඔබ වහන්සේ ගේ අද වයස කීය ද? ඇස්වල අසනීපයක් තිබෙනවා කියලා ඒ කාලෙත් ප්‍රචලිත වුණා.
මට වයස 57 යි. මගේ එක ඇසක් දැන් පෙනෙන්නෙම නැති තරම්. මේක සංසාරගත අකුසල කර්මයක් පලදීමක්.
එක් ආත්මයක කුරුල්ලෙකුට කෝටුවකින් ඇසට ඇනීමෙන් ඔබ වහන්සේට එහෙම වුණා කියලා ඔබ වහන්සේම ප්‍රකාශ කැර තිබෙනවා.
මට එහෙම හැ‍ඟෙනවා. එහෙම දැනෙනවා. බුදුරජාණන් වහන්සේටත් ලෝහිත පක්කන්ධිකා (ලේ අතීසාරය) රෝගය හැදුණා,කලන්තෙ හැදුණා. ඔළුව කැක්කුම හැදුණා. අගසව් හිමියන් අතර සිටි මුගලන් තෙරුන්ටත් අවසානයේ සොරු පහර දුන්නා. උන්වහන්සේගේ ඇට සුණුසහල් තරමට කෙටුවා.
චන්ද්‍රිකා වැවටත් වතුර බවුසර්වලටත් ඔබ වහන්සේ පිරිත් කළා කියන්නෙ ඇත්ත ද?
සමහර දේ ඇත්තයි. සමහර දේ කටකතා. මං බුද්ධ පාරමිතා ආශිර්වාද පූජාව කරනකොට මගේ අත ඒ පිරිත් පැන් බඳුනේ තබන්ඩ වෙනවා. ලක්ෂ ගණන් මිනිස්සු එනකොට ඒක කරන්නෙ කොහොම ද? වතුර බවුසරවලටනම් පිරිත් පැන් එකතු කළ බව ඇත්ත. ඒත් ඔය වැව් මං කවරදාවත් පිරිත් කළේ නෑ.
ඔබ වහන්සේට දොළුකන්දෙදි රන්කොතක් හමුවුණා. පසුව එය පුරා විද්‍යාවට බාර දී නැවත ප්‍රදර්ශනයට ඉල්ලු වෙලාවක පුරා විද්‍යාවෙන් ගෙනාවෙ බාර දුන් කොත නොවේ ද?
(උන්වහන්සේ නිහඬය) මම නැවත නැවතත් ඒ ප්‍රශ්නය අසමි.
මා සියල්ල අත්හැර කොත බාර දුන්නෙ. ඒ රන් කොතක්. ඊට වඩා දෙයක් අහන්ඩ එපා.
ඇයි ඒ.
මා දැන් සිටින්නෙත් පුරා විද්‍යා ස්ථානයක. අනුරාධපුරයෙන් මෙහා පුත්තලමේ මේ ස්ථානය තමයි පෞරාණික බෞද්ධ උරුමය.
දොළුකන්දෙ නිධන් හාරන්ඩ යම් යම් දේ කළ බව ඔබ වහන්සේට චෝදනා තිබුණා.
මේ දැන් ඉන්නෙත් ඒ වගේ වටිනා තැනෙක. මා යෝගාවචරයන්ට පැන් පහසුව පිණිස වැවක් කැපුවා. එච්චරයි. නිධන් හාරනවානම් මේ ස්ථානයේ ඉන්ඩ මට බාර දෙයි ද? පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල ‍නාහිමියන් මට උදව් කරනවා. (මම එල්ලාවල නාහිමියන් අමතමි) උන්වහන්සේ මේ ස්ථානය රැක බලාගෙන ඉඳීමම ඒ හිමිනම කරන විශිෂ්ට කර්තව්‍යයක් බව ඒ හිමියන් මට දුරකථනයෙන් වදාරයි.
ඇයි? මේකට විළඳගොඩ කියන්නෙ?
උන්වහන්සේ එහි ගල් කුටියකට මා කැඳවා ගෙන යයි. මෙතැන තමා සාලිය කුමරා අශෝකමාලා හා සැඟැවී ජීවත්වුණේ. මහ රජු ගැමුණුගේ සේනාධිපතියෙක් උදව් කරලා තියෙන්නෙ. මෙතැනින් තරමක් එහා බැලුම්ගල නම් සුවිශේෂ ගලකුත් තියෙනවා. ඒකත් මේ භූමියේමයි. මහ රජුට තම පුත්‍රයා සිහසුනත් හැර දමා අශෝකමාලා සමඟ මෙහි වසන බව ආරංචි වුණා. එතුමා තම පුත්‍රයා බලන්ඩ සේනාව තරමක් ඈත නවත්වා මෙහි ආවා. ඒ වෙලාවෙ කුමරාත් කුමරිත් රජතුමාට පිළිගන්වා තිබෙන්නේ විළඳ හා මීපැණි. මේ ලැබුණු විළඳගොඩ වගේම වෙහෙර විහාර ඔබ මෙහි කරවන්ඩ ඕනෑ කියා රජතුමා පුතාට අණ දී පිටත්වුණා. ඒ නිසා විළඳගොඩ නම පටබැඳුණා. මේ භූමියේ අක්කර දහස් ගණනක්. පුරා අතීත යෝගාවචරයන්ගේ වාස භූමියක් කියා පෙනෙනවා. කටාරම් කෙටු ගල්, ලෙන් මෙහි ඕනෑ තරම්.
ඔබ වහන්සේ රත්රන් එකතු කළ කතාව ඇත්ත ද? ඔබ වහන්සේගේ දායකයො වංචාකාරී වැඩ රැසක් කළාලු....
මා රන් කොතක් හදන්ඩ රත්තරන් එකතු කළ කතාව ඇත්ත. දායකයො රන් මාල වළලු දැම්මට වැඩියෙන් තිබුණේ ඉමිටේෂන් බඩු. ඒ රන් කොත මං දොළුකන්දෙම ආරක්ෂාකාරීව තැබුවා. ජනතාවට සුව පහසුව සලසන්න මට ඉඩක් ලැබුණේ නෑ. මං කවරදාවත් සල්ලි අල්ලන්නෙ නෑ. සල්ලි අපට අකැපයි. මුදල් ලැබුණානම් ඒවායින් ප්‍රජා කටයුතු විතරයි කළේ.
මකුල්වැව හදපු ගෙවල් 30

හාමුදුරුවන් සාදා දුන් නිවෙස්
ඒක මහත්තයා දැක්ක ද? ඒකත් කරන්ඩ දුන්නෙ නෑ.
ඔබ වහන්සේ ළඟ තිබුණු වාහන දැන් කෝ?
සියල්ල අනිත්‍යයි. මා ඒවා ද ලැබුණු අනෙකුත් දේවලුත් දන් දීලා ආවෙ.
ඔබ වහන්සේගේ මෑණියො මේ කැලේ රඳවාගත්තෙ ඇයි?
අම්මා අසනීපයෙන්. ඇය බලාගන්නෙ අපේ ඥාතිවරියක්. අද අම්මාට බෙහෙත් ගන්ඩ කරුවලගස්වැවට යන්ඩ ත්‍රීවිලරයට රුපියල් 1100 මා සොයාගන්නේ අමාරුවෙන්. මා කෝටි ගණන් හම්බ කළානම් මෙහෙම ඉන්නව ද? (උන්වහන්සේ වැඩවසන ලෙන වවුල් ගඳය. දාන මාන පවා මෙහි ගෙන ඒමට බොහෝ දුක් විඳිය යුතුය.)
ඇයි? මේ තරම් දුෂ්කර තැනකට ආවෙ. වන සතා සීපාවාත් ඉන්නවා නේද?
ඒ අයගෙ ගෙදරට අපි ඇවිත් ඉන්නෙ. ඒ අය ඒත් අපට කරදර කරන්නෙ නෑ. මාත් අනෙක් භික්ෂුන් මුල් කාලෙ පිණ්ඩපාතෙ වැඩලා ජීවත් වුණා. අද දායකයො කීප දෙනෙක් එනවා. අපේ හිමිනමක් එක් වතාවක් දහවල් උදේ දානය නැතිව පුත්තලමටත් වැඩියා. උදේට ලැබුණු දානෙ දවල්ටත් වළඳලා හිටපු දවස් තියෙනවා.
ඔබ වහන්සේට අද සාලියවැව පොලීසියෙන් ආරක්ෂාව ලැබිලා කියලා ආරංචියි. ඒක කොහොම ද වුණේ?
මෙහි ධන නිධාන කඩන්න සමහරුන් මාන බලන නිසා අතිගරු ජනාධිපතිතුමා මගේ ආරක්ෂාවට රැකවල් දුන්නා. එතුමාත් එල්ලාවල හාමුදුරුවොත් මා සිටි තැන මෙතෙක් දැන සිටියා.
දැන් ආශිර්වාද පූජාව කළහොත් බලයක් නැද්ද?
එහෙම වෙන්නෙ කොහොම ද? බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි. ඒ බලය සදාකාලිකයි. ඒ ආශිර්වාද බලය තවමත් එහෙමමයි.
මේ ලිපිය බලලා මිනිස්සු මේ කැළයට ආවොත්?
කවරදාවත් මා කිසිවකුට වෛරී හිතින් බලන්නෙ නෑ. මෛත්‍රි සිතින් කටයුතු කරනවා. උදව් බලාගෙන එන අයට එහෙම කරන්ඩ හොඳ නෑ. ඒත් විවේකීව වන සෙනසුනේ ඉඳීමට මං මනාපයි.
Read More »

මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයාගේ හිමිකාරීත්වය දරණ ඒ.බී.සී. මාධ්‍ය ජාලයට අයත් හිරු ඇතුළු සියළු ගුවන් විදුලි ආයතන සහ වෙබ් අඩවිවල මැතිවරණ ප‍්‍රථිඵල වාර්තා කරන ලද්දේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියගේ නම සඳහන් නොකරමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලාභියාගේ නම හිරු නාලිකාව විසින් සඳහන් කර තිබුණේ ‘එච්. පේ‍්‍රමචන්ද්‍ර’ ලෙසිනි. එහෙත් අනෙකුත් සියලූම අපේක්ෂකයන්ගේ නම් සම්පූර්ණයෙන් සඳහන් කර තිබිනි.
Read More »

හෝටලයක සිටියදී හදිසියේ රෝගාතුර වූ ප්‍රකට දේශපාලනඥයෙක් මීට කලකට ඉහතදී මියගියේය. ඔහුගේ මරණය පිළිබඳ වෛද්‍ය නිගමනය වූයේ එය සිදු වී ඇත්තේ ස්වාභාවික හේතුවකින් බවය. දිවි ගමනේ සැඳෑ සමය පසු කරමින් හුන් එම දේශපාලනඥයා මියගියේ ස්වාභාවික හේතුවකින් වුවත් ඔහුගේ රුධිර පීඩනය එකවරම වැඩි වූයේ ඇයි දැයි කරළියට ආවේ නැත. එනමුත් එකල පැතිරී ගිය කතාව වූයේ ඔහුගේ රුධිර පීඩනය එකවර වැඩිවූයේ ඔහු ලිංගික උත්තේජන ඖෂධයක් භාවිතා කිරීම නිසා බවය. දේශපාලනඥයාගේ පෙර රෝගී තත්ත්වය මෙන්ම වයස හේතුවෙන් ඔහුට ලිංගික උත්තේජන ඖෂධය ඔරොත්තු නොදුන් බැවින් ඔහුට  මරණය අත් වූ බව එකල කියවිණි. 
දස වසරකට පමණ ඉහතදී වූ මේ සිද්ධිය අපගේ මතකයට නැගුණේ ලිංගික උත්තේජන ඖෂධ පිළිබඳ කර ඇති නවතම හෙළිදරව්ව හේතුවෙනි. ඒ හෙළිදරව්වේ පසුබිම් කතාව මෙසේය.
අන්තර්ජාතික ‍පොලීසිය විසින් ලොව පුරා රටවල් 100ක පමණ ව්‍යාපාරික කටයුතු කරන ඖෂධ සමාගම් නියෝජිතවරුන් ඉකුත් 12,13,14 යන තෙදින තුළ ප්‍රංශයට  කැඳවා තිබුණි. 
ඒ මේ වන විට අන්තර්ජාලය හරහා කෙරෙමින් පවතින  ඖෂධ ජාවාරමක තොරතුරු හෙළි කිරීමටය.
කෙසේ නමුදු නීතියේ හැටියට නම් වෛද්‍ය නිර්දේශවලින් තොරව රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම්ය. ඊට ප්‍රධාන හේතුව වන්නේ වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ භාවිතය ජීවිත අවදානමකට හේතුවන නිසාය. වෛද්‍ය නිර්දේශවලින් තොරව බොහෝ පිරිසක් ඖෂධවලට යොමුවන්නේ ලිංගික උත්තේජනයන් මෙන්ම මත්වීමට බව වෛද්‍යවරු පෙන්වා දෙති. 
අන්තර්ජාලය භාවිතා කරමින් මේ වන විට බොහෝ පිරිසක් ලිංගික උත්තේජනයන් දෙන ඖෂධ හා මත්ගතිය ඇතිකරවන ඖෂධ ඇනවුම් කිරීමට විශාල වශයෙන් පෙළඹී තිබෙන බව අන්තර්ජාතික ‍පොලීසිය ප්‍රංශයේ පැවැති වැඩමුළුවේදී ඖෂධ සමාගම්වලට පෙන්වා දී ඇත. 
ලෝකයේ දියුණු රටවල ජයටම කෙරීගෙන යන මෙම ජාවාරම මගින් ඖෂධ ජාවාරම්කරුවන් විශාල වශයෙන් මුදල් උපයමින් තිබෙන බවද අන්තර්ජාතික ‍පොලීසිය හෙළිදරව් කර ගෙන තිබේ. 
මෙම ජාවාරම හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැනීමට බොහෝ පිරිසක් පෙළඹීම බරපතළ තත්ත්වයක් බවත් එයින් විවිධ සංකූලතා  ඇතිවීම වැළැක්විය නොහැකි බවත් මෙම සමුළුවේ දී සිය අදහස් දක්වමින් ඇමෙරිකානු, එංගලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශය ආදී රටවල ඖෂධ විශේෂඥවරුන් පවසා තිබේ. මේ ඖෂධ ජාවාරම් කරන වබේ අඩවි විශාල සංඛ්‍යාවක් බටහිර රටවල මේ වන විටත් තහනම් කර ඇති මුත් එසේ තහනම් කරන වබේ අඩවි වෙනුවට නැවතත් අලුතින් නව වබේ අඩවි විවෘත කරන බව අන්තර්ජාතික  ‍පොලීසිය මෙහිදී හෙළි  කර ඇත. 
මෙසේ නැවත නැවත විවෘත වන නව වබේ අඩවි තහනම් කිරීමට සියලුම රටවල් අවදියෙන් සිටිය යුතු බවට ජාත්‍යන්තර ‍පොලීසිය පවසා  ඇත්තේ ලිංගික උත්තේජන ඖෂධ සඳහා මත්ද්‍රව්‍යවලට මෙන් ලොව පුරා ජනතාව ඇබ්බැහි වෙමින් සිටින බැවිනි.
වෛද්‍ය විශේෂඥවරුන් මෙම සමුළුව අමතමින් මෙහි තවත් භයානක පැත්තක් හෙළිදරව් කර තිබේ. ලිංගික උත්තේජනයක් ඇතිකරන ඖෂධ ලබාගත යුත්තේ අධි රුධිර පීඩනයන් නොමැති මෙන්ම ශරීරයේ යම් යම් රෝගී තත්ත්වයන් නොමැති පුද්ගලයින්ය. එහෙත් මෙසේ වෛද්‍ය නිර්දේශයකින් තොරව  රුධිර පීඩනය මෙන් විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් අන්තර්ජාලයෙන් ඖෂධ ඇනවුම්කර ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්වීමේ සම්භාවිතාව බොහෝ වැඩිය.මෙම ඖෂධ භාවිතයෙන් රුධිර පීඩනය වඩාත් වැඩි වී එය හෘදයාබාධයක් එසේත් නොමැති නම් මොළයට විශාල හානියක් ඇතිකරන තත්ත්වයන් මත එම පුද්ගලයාව සදාකාලිව එක්තැන් වීමට හෝ මියයාමට ඉඩ තිබේ. 
ශ්‍රී ලංකාව තුළද මෙවැනි සිදුවීම් මීට කලකට පෙර වාර්තා වූ බැවින් වෛද්‍ය නිර්දේශවලින් තොරව එවැනි ඖෂධ අලෙවිය තහනම් කෙරුනි.
එමෙන්ම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ලංකාවේ තරුණ පුද්ගලයන්  එම මත්ද්‍රව්‍ය නොලැබි යාම හේතුවෙන් මත්වීමට විවිධ ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට පෙළඹී ඇති බව පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය. එසේ මත්වීමට අධි මාත්‍රාවෙන් ඖෂධ ගත් පුද්ගලයෝ කීප දෙනෙක් ඉකුත් කාලයේ දී මියගියහ.
එහෙත් ඔවුන් මියගියේ අන්තර්ජාලය හරහා ඖෂධ ඇනවුම් කර භාවිතා කිරීමෙන් නොව ඖෂධහල්වලින් හොර පාරෙන් මිලදී ගෙන ඖෂධ භාවිතා කිරීමෙනි.ඖෂධ පමණක් නොව රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන විවිධ ආ‍ලේපන වර්ගද මත් වීම සඳහා භාවිතා කිරීමට තරුණයන් පෙළඹී තිබේ.
නීති විරෝධී අන්දමින් නිෂ්පාදනය කරන මෙම ද්‍රව්‍ය තුළ බැරලෝහයන් වන ආසනික්, කැඩ්මියම්, රසදිය විශාල අනුපාතයන්ගෙන් අඩංගු කර නිෂ්පාදනය කර තිබෙන බව රසායනාගාර පරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ. 
මේවා දිගු කාලයක් භාවිතා කිරීමෙන් ස්නායු පද්ධතියට බරපතළ හානි පැමිණෙන අතරම සමට වකුගඩුවලට, අක්මාවට, හෘදයට හා මොළයට විශාල බලපෑමක්  එල්ල කිරීමටද සමත්ව තිබෙන බවත් එය බොහෝ විට පිළිකා තත්ත්වයක් විය හැකි බවත් සොයාගෙන තිබේ.
විශේෂයෙන්ම රූපලාවන්‍ය සඳහා සමේ ආ‍ලේප කරන ක්‍රීම් වර්ග බොහෝමයක් තුළ රසදිය  විශාල අනුපාතයන්ගෙන් අඩංගු කර තිබිම මගින් සමේ කළු පැහැ ගති ඇතිකරවන මෙලනින් නමැති වර්ණකය නිෂ්පාදනය කරවීම ඇනහිටවයි. මේ හේතුවෙන් සමේ සුදු පැහැයක් ඇතිවේ. වෙළෙඳ‍පොළේ අලෙවි වන ක්‍රීම් වර්ග සමේ (විශේෂයෙන් මුහුණේ) ආ‍ලේප කිරීම මගින් සම සුදු පැහැයක් ගනුයේ මෙලනින් නිෂ්පාදනය අඩාල කර ඇති නිසාය.
මෙලනින් වර්ණකය සම ආරක්ෂා කරන ආරක්ෂිත ඇසුරුමක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම ආරක්ෂිත උපක්‍රමය නොමැති වීමෙන් පාර ජම්බුල කිරණ එක එල්‍ලේ සමට පතිත වී සම තුළ පිළිකා තත්ත්වයන් වැනි භයානක රෝගාබාධ ඇතිකරවන බවද පෙන්වා දේ.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මෙසේ පැවැසීය.
“රට හැම තැනම ව්‍යාජ අන්දමින් විවිධ ඖෂධ වර්ග, ආ‍ලේපන වර්ග අලෙවි වෙනවා. ඒ විතරක් ‍නෙවෙයි නිෂ්පාදනයත් වෙනවා. අපි මේ වන විට වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධනිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ  ජනතාවගේම යහපත වෙනුවෙනි. ඒත් කෙතරම් නීති රීති දැම්මත් ව්‍යාජ ලෙස මේවා අලෙවි කරන බව අපට දැනගන්නට ලැබෙනවා. මත්වීම සඳහා විවිධ ඖෂධ භාවිතා කරලා රෝගී තත්ත්වයට පත් වෙලා රෝහල් ගත වුණාට පසුව කරන පරීක්ෂණවලින් තමයි තහවුරු වන්නේ මේ පුද්ගලයා අසවල් ඖෂධය පානය කරලා රෝගී වුණා කියලා. ඒ හෝඩුවාව හරහා තමයි අපි ‍පොලීසියත් එක්ක ගිහිල්ලා එම ඖෂධය අලෙවි කළ ඖෂධ අලෙවි  කරන ස්ථාන වටලන්නේ. 
ඒත් එක්කම මේ සඳහා අපට මහජනතාවගෙන් විශාල වශයෙන් තොරතුරු ලැබෙනවා. පසුගිය දිනවල කිසිම සනීපාරක්ෂක පහසුකමක් නොමැති ස්ථානවල ව්‍යාජ ලෙස සුවඳ විලවුන් නිෂ්පාදනය කළ, තත්ත්වයෙන් බාල ඖෂධ ව්‍යාජ ලෙස ගෙන්වා ඇසුරුම් කළ, කල් ඉකුත් වූ ඖෂධවල ‍ලේබලය වෙනස් කර  අලෙවි කිරීමට සූදානම් කළ ස්ථාන බොහෝමයක් වටලා එම පුද්ලගයන්ව නීතිය ඉදිරියට පමුණුවන්න කටයුතු කළා. අපි දිගින් දිගටම මෙවැනි වැටලීම් කරනවා. ඒ නිසා දැන් මෙම ඖෂධ ව්‍යාපාරිකයන් අන්තර්ජාලයට යොමු වෙලා එමගින් ඖෂධ හා ආ‍ලේපන ඇනවුම් කිරීමට පෙළඹෙන්න ඉඩ තිබෙනවා. මගේ විශ්වාසය දැනටමත් අන්තර්ජාලය භාවිතා කරමින් මෙම ව්‍යාජ වෙළෙඳාමේ පිරිසක් යෙදෙනවා ඇති කියලයි. කොහොම නමුත් අපි ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් පිරිසකට විශේෂ පුහුණුවක් දෙන්න අදහස් කරලා තියෙනවා. ඒ පුහුණුව හරහා මෙවැනි වබේ අඩවි හඳුනා ගැනීමට කටයුතු කරනවා. එසේ හඳුනාගත් පසුව ඒවා වහාම තහනම් කිරීමට කටයුතු කරන්න ජාතික ඖෂධ අධිකාරිය ‍පොලීසිය සමග එකතු වී කටයුතු කරනවා.
විශේෂයෙන්ම අන්තර්ජාලය පරිහරණය කරන්නේ පාසල් ළමුන් හා තරුණ පිරිස. ඒ නිසා අපි දෙමව්පියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් කෙරෙහි වැඩි  අවධානයක් යොමු කරන්න කියලා.” හෙතෙම කීවේය.
Read More »

යුද්ධය පැවැති කාලයේදී මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණයවීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව අද සම්මතවිය.

රටවල්  23ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.

රටවල් 12 ඡන්දය දුන්නේය. රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ආජන්ටිනා, ඔස්ට්‍රියා, බෙනින්, බොට්ස්වානා, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, ෂෙට් ජනරජය, ස්ටෝනියාව, කොට් ඩිවොයිරේ, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, මොන්ටිනීග්‍රෝ, පේරු,  දකුණු කොරියාව, රුමේනියාව, සියරාලියොන්, මැසිඩෝනියා, එංගලන්තය, අමෙරිකාව යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.

ඇල්ජීරියාව, චීනය, කොංගෝ, කියුබාව, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වෙනිසියුලාව හා වියට්නාමය යෝජනාවට එරෙහිව ජන්දය දුන්නේය.

බුකිනාෆාසෝ, ඉතියෝපියා, ගැබන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, කුවේට්, මොරොක්කෝව, නැමීබියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 47ක් සුදුසුකම් ලබා තිබු බව කියැවිණ.

මේ අනුව 2002 වසරේ සිට 2009 වසර දක්වා ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංගනය වීම්, යුද අපරාධ චෝදනා පිළිබඳ වසරක් තුළ ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසියේදී සභා සම්මත විය.
Read More »

ඊයේ (25) දිනය වනතෙක්ම අභිරහසක්ව පැවති මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.
නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.
පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ රූපවාහිනී ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

 '' මම නම් දකින්නේ මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්.''
කෙසේ නමුත් මේවනවිට අතුරුදන්වූ ගුවන් යානයේ ඉරණම පිලිබඳ හෙළිවී ඇත. එය පැහැරගැනීමක් නොව ගුවන් යානා අනතුරක් බවට ඊයේ දිනයේ මැලේසියාවේ අගමැතිවරයා විසින් මාධ්‍යය අමතා ප්‍රකාශ කළේය.
Read More »

කුණු පළාත් සභා මාතර දිස්ත්‍රික් එජාප අපේක්ෂිකා හා ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
 ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇත.
 මේ වන විට ඇය මාතර ආසිරි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බව පැවසේ.
කෙසේවවුද ඇගේ තත්ත්වය බරපතල නොවන බවත්, අධික තෙහෙට්ටුව නිසා මෙසේ රෝගීවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Read More »

මාතර අධිවේගයේ බස් රථ ධාවනයට ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා හිතතවත් බස් හිමියන් කිහිපදෙනෙකුට බලපත්‍රලාබදී ඇති බව පවසමින් අල්ල්ස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ.
අදාල පැමිණිල්ල ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සිදුකර ඇත.
 ආසන්න වශයෙන් මේ එක්  බලපත්‍රයක් රුපියල් කෝටි 3ත් 5ත් අතර වනු ඇති බවද පැවසේ.
 වසර 2013 අගොස්තු 06 වැනිදා ප්‍රසිද්ධ දැන්වීමක් පලකරමින් ජාතික ගමනාගමන කොමිසන් සභාව කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයෙහි සුඛොපභෝගී බස්රථ 27ක් ධාවනය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබුණද අදාල බලපත් මෙතෙක් ලබා නොදීමෙන් බස් රථ හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වේ.
 මේ සම්බන්ධයෙන් ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාල කොමිසම කොට්ටාව - ගාල්ල අධිවේගයේ ධාවනයට මාර්ග බලපත් ලබාදීමේදී ද අක්‍රමකතා සිදුකර ඇති බවයි.
 මේවන විට එලෙස ලබාදුන් බලපත්‍ර 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පරීක්ෂණයක් කරන බවද හෙලි කළේය.
Read More »

බංග්ලාදේශයේ ක්‍රියාත්මක ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලයක් අයි ෆෝන් එකකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
 අදාල බේල්සයේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීමට පටන් ගනියි.
 එහි ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
 මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්ඊඩී බල්බවලිනි.
 මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල  ‘Zings’ලෙස නම්කර ඇති අතර එය ඕස්ටේ්‍රලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ.
 ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.
 මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර්  25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.
 ‘Zings’හි නිමැවුම්කරු වන බ්‍රොන්ටී එකමන් (Bronte Eckermann)පවසන්නෙ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.



Read More »

News Paper Cartoons

Loading...

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Loading...

Follow Us

PuvathLanka Extra