මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හට ආසනයේ ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයාබැලීම සඳහා කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද සමගින් ඊයේ (20 දා) කැලණිය ආසනයේ කළ සංචාරයකදී මාකොළ අශෝක උයන ප්‍රදේශයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීමක් ඉවත් කරගන්නා ලෙස එහි හිමිකරුවන් හට දුරකථනයෙන් දැනුම් දී තාප්පය අලවංගුවකින් සලකුණු කළ අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.








